
(ගයාන් සූරිය ආරච්චි)
රුපියල් කෝටියකට ආසන්න අයිස් මත්ද්‍රව්‍ය සහ ටී පනස් හය උණ්ඩ දහයක් ප්‍රවාහනය කරමින් සිටි කොල්ලූපිටිය පොලිස් ස්ථානයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයකු ඇතුළු දෙදෙනකු මහභාගේ හාලන්දුරුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ රාගම ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි පුද්ගලයකු සහ කොල්ලුපිටිය පොලිසියට අනුයුක්තව පොලිස් ක්‍රීඩා කොට්ඨාශයේ කොස්තාපල්වරයෙකි.
අයිස් මත්ද්‍රව්‍ය සමග ත්අඩංගුවට ගත් සැකකරුවකුගෙන් කළ ප්‍රශ්න කිරීම් වලට අනුව මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත.
කැලණිය කොට්ඨාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නුවන් අසංක මහතාගේ උපදෙස් පරිදි කැලණිය කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශය වැඩිදුර විමර්ශන සිදුකරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd